NEWS

නේපාලයට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක්

නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට එරට වේලාවෙන් අද අලුයම 2:51ට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බවයි.

එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වුවද තවමත් සිදුවූ හානි පිළිබඳව වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »