පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (26) පැමිණි කාන්තාවක් එහි ඉඩම් අංශයේ නිලධාරිනියකට පහරදී තිබෙනවා.
අදාළ කාන්තාවගේ අයථා ඉඩම් පවරා ගැනීමකට මෙම නිලධාරිනිය සහයෝගය නොදැක්වීම නිසා මෙසේ පහරදී ඇති බවටයි වාර්තා වෙන්නේ.
පහරදීමත් සමග නිලධාරිනිය සතු ලිපිගොනු උදුරා ගැනීමටත් එකී කාන්තාව උත්සාහ දරා ඇති බව සඳහන්.
පහර කෑමට ලක්වූ නිලධාරිනිය ප්‍රතිකාර සඳහා පදවි ශ්‍රීපුර රෝහල ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම මෙම පහර දීම හෙලා දකිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් අද උදෑසන නිහඬ විරෝධතාවයක නිරත වුණා.