NEWS

පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කම්හලක අද (5) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. 

අදාළ ගිනිපෙට්ටි ආයතනයේ ගිනිකූරු ගබඩාකර ඇති ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවන ඒකකයේ රථ 03ක් පැමිණ මේ වනවිට ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් සිටියි.

ගින්න ඇතිවීම හේතුව හෝ සිදුව ඇති හානිය පිළිබඳ විමර්ශන පල්ලෙකැලේ පොලීසිය විසින් සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »