පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඇප තැන්පත් කිරීමේ කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි.
ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම මාර්තු 03 වනදායින් ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී පහසුකම් සපයා දී ඇති අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම හෙට මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි.
ඉන් අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදී තිබෙනවා.
ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

