වනිඳු හසරංගගේ හුදෙකලා ඉනිම අපතේ යවමින් පාකිස්තානය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 6කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11) සිදුවුණි.
පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඔවුන් පෙරමුණ ගත්තේය.
පාකිස්තානයේ රාවල්පින්ඩි හී පැවති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඊයේ තරගයේදී කමිල් මිෂාර එක්දින වරම් දිනාගත්තේ මෙරට 218වැනි එක්දින ක්‍රීඩකයා ලෙසයි.
පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දිස්වෙද්දී පළමු කඩුල්ල ලෙස සයිම් අයුබ් ලකුණු 6කට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් විය.

