NEWS

පාපන්දු තරඟයක් අතරතුර ඛේදවාචකයක්: තරගකරුවෝ පිටියේ බිම පෙරළී හඬති

පාපන්දු තරඟයක් අතරතුර හදිසි හෘදයාබාධයකින් කළමනාකරුවෙකු මිය යාමේ ඛේදනීය සිදුවීමක් සර්බියාවෙන් වාර්තා වනවා.

මියගිය පුද්ගලයා වන ම්ලැඩන් සිසොවිච්ට වයස අවුරුදු 44 ක්.

ඔහු කළමනාකාරීත්වය දැරූ රැඩ්නිකි-1923 කණ්ඩායම මිලඩොස්ට් කණ්ඩායමට එරෙහිව ඉරිදා සවස පැවති තරඟයේ මිනිත්තු 22 දී සිසොවිච් ක්‍රීඩා පිටිය අසල ඇදවැටී තිබුණා. පසුව රෝහලට ගෙන ගිය පසු ඔහු මිය ගිය බව වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »