පාපන්දු තරඟයක් අතරතුර හදිසි හෘදයාබාධයකින් කළමනාකරුවෙකු මිය යාමේ ඛේදනීය සිදුවීමක් සර්බියාවෙන් වාර්තා වනවා.
මියගිය පුද්ගලයා වන ම්ලැඩන් සිසොවිච්ට වයස අවුරුදු 44 ක්.
ඔහු කළමනාකාරීත්වය දැරූ රැඩ්නිකි-1923 කණ්ඩායම මිලඩොස්ට් කණ්ඩායමට එරෙහිව ඉරිදා සවස පැවති තරඟයේ මිනිත්තු 22 දී සිසොවිච් ක්‍රීඩා පිටිය අසල ඇදවැටී තිබුණා. පසුව රෝහලට ගෙන ගිය පසු ඔහු මිය ගිය බව වාර්තා වී තිබෙනවා.

