NEWS

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

අද (06) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව සභාවේ අවසරය ඇතිව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරීම් කාරක සභාව විසින් නම් කර තිබෙන බව කථානායක ආචාර්ය අශෝක රංවල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විජිත හේරත්, රාමලිංගම් චන්ද්‍රසේකරන්, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, මුනීර් මුලෆර්, සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර, වෛද්‍ය නිහාල් අබේසිංහ යන අයයි මේ සඳහා නම් කර ඇත්තේ.

ඒ අනුව, අද දහවල් 02ට කාමර අංක 02හි මෙම කාරක සභාව රැස්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »