NEWS

පාසල් නිවාඩුවේ ළමුන් ගැන සැලකිලිමත් වන්න

දීර්ඝ පාසල් නිවාඩුවත් සමග ළමුන් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වූ අතර තෙවන වාරයේ දෙවන අදියර සදහා යළි පාසල් විවෘත කෙරෙන්නේ ලබන වසරේ ජනවාරී මස 02 වනදායි.

බොහෝ දරුවන් වර්තමානය වන විට සිය නිවාඩු දිනයන්හීදි නිවෙස් තුළ කොටුවී සිටින අතර ඩිජිටල් තිර භාවිතයට බොහෝ සේ යොමු වී තිබෙනවා.

මේ හේතුවෙන් එම දරුවන්ට ‘මනෝ සමාජීය පරිසරය‘ අහිමි වීම නිසා මානසික පීඩාවන්ට පත්වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

විද්‍යුත් තිරවලට ඇබ්බැහි වූ දරුවන් කාන්සාව, විෂාදය සහ නින්ද නොයෑම යන කාරණා සදහා ප්‍රතිකාර සඳහා පැමිණීම ද ඉහළ ගොස් තිබෙනවා.

එසේම, බොහෝ දරුවන් අනවශ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීම ද ඉහළ ගොස් ඇති බව සදහන්. මේ අනුව දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට ඇති වගකීම සම්බන්ධයෙන් ඔවුන් වඩාත් අවදානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය නිර්දේශයයි.

විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »