NEWS

පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන් වනවා.

ඒ අනූව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා නිවාඬුව හෙටින් ඇරඹෙනවා.

මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වැනි සිකුරාදා දිනයි.

මේ අනූව සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ ලබන ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »