NEWS

බස්නාහිර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් ඉහළට

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි.

මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

පසුගිය 8 සහ 9 යන දින දෙක තුළ පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් එලෙස සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »