NEWS

බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදයෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ අවධානමක්

නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ සිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසනවා.

එම සංගමයේ සභාපති සනත් මංජුල ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කළමණාකාරිත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාද වී ඇති බවයි.

මෙම ගැටලුව හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳී සිටීමට සිදුව ඇති බව සඳහන් කළ එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද 20%කින් පමණ ඉහළ යා හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »