NEWS

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළ වසා දමයි

විදුලිය ඇණහිටීමක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළ වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් තොටුපළ අසල ඇති විදුලිය සපයන උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති බවයි.

ඒ අනුව, එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 දක්වා එම ගුවන් තොටුපළ වසා දමා තිබෙනවා.

හීත්‍රෝ ගුවන්තොටුපල බ්‍රිතාන්‍යයේ විශාලතම ගුවන් තොටුපළ වන අතර, එහි දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කරන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »