මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 02 දා තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව දුරකථන වාර්ථා විශ්ලේෂණය කර තිබේ.
එහිදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සම්බන්ධ බවට තොරතුරු හෙළි වීමෙන් පසුව මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

