NEWS

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයෝ පහක් එක්ක ‘අශෙන් පුතා’ මාලදිවයිනේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 124 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 ක් සමග මාලදිවයින වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටී  “අශේන් පුතා ” ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනා මෙරටට පිටුවහල් කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

මාලදිවයින් රජය මගින් මෙම සැකකරුවන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අදහස් නොකරන බවට පවසමින් මෙරටට පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ දෙව්නුවර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙක්.

ඉහත මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කරමින් සිටියදී 2024 නොවැම්බර් මස 14 දින මාලදිවයින වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරටට පිටුවහල් කළ එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »