NEWS

මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් ගැන නෛතික කටයුතු ආරම්භ කෙරේ

මහ මැතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් 1042 දෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන උධෘත සකස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අදාළ උධෘත සකස් කර නීතිපති උපදෙස් ලබාගැනීම සදහා යොමු කරන ලෙසයි වැඩිදුරත් උපදෙස් ලබාදී ඇත්තේ.

මීට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබුණා.

එම වගඋත්තරකරුවන්ට අදාළ මැතිවරණ කොට්ඨාසවලට අයත් පොලිස් කොට්ඨාසවල අපරාධ විමර්ශණ කාර්යංශ මගින් මීට අදාළ විමර්ශන ආරම්භ කෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »