2025 මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එම මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයක් බවයි මහ බැංකුව පවසන්නේ.
සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 665 ක් වාර්තා කළ අතර එය 6.5% ක ඉහළ යෑමක්.
මාසයේ වෙළඳ භාණ්ඩ ආනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,637ක් ලෙස සටහන් වෙන අතර එය 8.6%ක ඉහළ යෑමක්.