NEWS

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස කමල් අමරසිංහ අද පෙරවරුවේ වැඩ භාරගෙන තිබෙනවා.

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකු වන ඔහු අවසන් වරට වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම, ඔහු වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා ලෙසත්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත් කටයුතු කළා.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය පුරප්පාඩුව පැවතියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »