NEWS

යුරෝපා සංගමය සහ අමෙරිකාව වෙළඳ යුද්ධයකට අවතීර්ණ වන ලකුණු

යුරෝපා සංගමයට අයත් රටවලින් ගෙන්වන මත්පැන් සඳහා 200% ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

ඒ, අමෙරිකාවේ නිෂ්පාදිත මත්පැන් සදහා 50% ක තිරුබදු පනවන බවට යුරෝපා සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙසයි.

යුරෝපා රටවලින් ආනයනය කරනු ලබන වානේ සහ ඇලු‍මිනියම් සඳහා තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමය මෙම දැනුම් දීම සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ මෙම සැලසුම උත්සන්න වන වෙළඳ යුද්ධයක නවතම හැරවුමක් වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »