NEWS

ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු දුමාරයක්

මේවනවිට ලෝකයේම අවධානය දිනාගෙන ඇති නව පාප් වහන්සේ තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ වුණා.

ඒ අනුව ඊයේ (07) වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව පාප් වහන්සේ තෝරන ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ කාදිනල්වරු 133 දෙනා රැඳී සිටිමින් රහස් ඡන්දය භාවිත කළා.

ඒ නව පාප් වහන්සේ කෙනකු තෝරා පත් කරගන්නා තෙක් ඔවුන් මුළුමනින්ම ලෝකයාගෙන් වෙන් කරනු ලබන්නේ ඔවුන්ගේ ඡන්දයට බාහිර ලෝකයෙන් කිසිදු බලපෑමක් නොවීමටයි.

ලෝකයේම අවධානය දිනාගත් එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් අද දින නිකුත් වූයේ කළු දුමාරයක්.

ඒ අනුව තවමත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත්කරගෙන නොමැති බව තහවුරු වනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, පාප් වහන්සේ තෝරන රහසිගත ඡන්දයට ඉදිරිපත් වූ කිසිදු කාදිනල්වරයෙකු අවශ්‍ය ඡන්ද 89 ලබාගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »