NEWS

වන අලි ගැටීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශවල දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

එහි මූලික පියවරක් ලෙස අලින් වැඩි වශයෙන් සැරිසරන කාල සීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සදහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පුනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර ඇති අතර එය මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් කර තිබෙනවා.

මීට සමගාමීව එදින සිට කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන ” මීනගයා” නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සදහා s-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සඳහා ද සැලසුම් කර ඇති බව සඳහන්.

2025.03.07 දින සිට ඉදිරි දිනයන් සදහා කලින් ආසන වෙන් කිරීම් සිදු කරන ලද මගීන් හට නියමිත පරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සදහා පැමිණීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙන අතර මෙලෙස දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීම සහ ඉහත පරිදි වේගසීමා පැනවීම හේතුවෙන් ගමනාන්ත දුම්රිය ස්ථාන වෙත ලගා වීමේදී අමතර කාලයක් ගත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මගී ජනතාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළකරමින් නිවේදනයක්ද නිකුත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »