පසුගිය දිනවල පැවති වර්ෂාවත් සමග විනාශ වූ තම කුඹුරුවලට රජයෙන් ලැබෙන වන්දිය ප්‍රමාණවත් නොවන බවට පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.
ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික් ගණනාවක කුඹුරු අක්කර ලක්ෂ හතරකට පමණ ආසන්න ප්‍රමාණයක් විනාශ වුණා.
මෙයින් වැඩිම කුඹුරු ප්‍රමාණයක් හානි වී තිබුණේ උතුර සහ උතුරු මැද පළාත්වලයි.
මේ අතර, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, වගා වන්දි ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රජය සූදානම් බවයි.

