NEWS

වසර 100ක ට පසු දකුණු කොරියාවට අධික හිම පතනයක්

දකුණු -කොරියාවේ සෝල් අගනුවරට ඇද හැලෙන අධික හිමිපතනය හේතුවෙන් ගුවන් ගමන් වාර 200ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීම් හෝ ප්‍රමාද කිරීම් සිදු කර තිබෙනවා.

1907 වසරෙන් පසුව සෝල් අගනුවරට ඇද හැලුණු දරුණුතම හිමිපතනය මෙය බවයි වාර්තා වන්නේ.

හිම පතනයත් සමග තද සුළං සහ වැසි තත්ත්වයන්ද ඇතිව තිබෙනවා.

ඒ අනුව ගස් කඩා වැටීම්, විදුලි විසන්ධි වීම් මෙන්ම මාර්ග අවහිර වීම් වාර්තා වන අතර පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට කටයුතු කරන ලෙස දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »