විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුර්නර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘතිය යටතේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ උපදේශකයින් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් සිදු වන ප්‍රදේශවල විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එම ආයතනය විසින් පවත්වා ගෙන යනු ලබන විදුලිය බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා සම්ප්‍රේෂණ සංවර්ධන සහ බෙදාහැරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස ” විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බල ශක්තිය ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය “යටතේ ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සැපයීමටයි එකඟතාව පළ කර ඇත්තේ.
ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට හඳුනාගෙන තිබෙනවා.
කැලණිය ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් හරහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලි බල සැපයුමක් ලබා ගැනීම,
කැලණිය / මීගමුව සහ කෝට්ටේ / මීගමුව ප්‍රදේශ වල ලංකා විදුලි පුද්ගලික සමාගමේ මධ්‍යම වෝල්ටීයතා ජාලය ශක්තිමත් කිරීම සඳහා කිලෝවෝල්ට් 33ක විදුලිබල සැපයුමක් හඳුන්වා දීම,
කැලණිය සහ කෝට්ටේ / නුගේගොඩ හඳුනාගත් ප්‍රදේශ භූගත කේබල් ජාල බවට පරිවර්තනය කිරීම,
කෝට්ටේ, නුගේගොඩ, මොරටුව සහ කළුතර ශාඛා ප්‍රදේශවල කිලෝවෝල්ට් 11ක ස්වයංක්‍රීය පෝෂක පද්ධති ප්‍රතිසැකසුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම,
අධීක්ෂණ පාලන හා දත්ත උකහාගැනුම් පද්ධතිය සහ ජාල ස්වයංක්‍රීයකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම,
ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු උපදේශකයින් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.