NEWS

වීදි උත්සවයකදී මෝටර් රථයක් කඩා වැදී සිදුකළ අනතුරේ රියදුරුට මිනීමැරුම් චෝදනා 08 ක්

කැනඩාවේ – වැන්කුවර් හි වීදි උත්සවයකදී පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදී සිදුකළ අනතුරට අදාළව 30 හැවිරිදි රියදුරුට මිනීමැරුම් චෝදනා ඇතුලු චෝදනා අටක් යටතේ චෝදනා එල්ල වී තිබෙනවා.

පිලිපීන සංස්කෘතිය සැමරුම් උත්සවයක් අතරතුර ඊයේ (27) සිදුවූ මෙම අනතුරින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබුණා.

රියදුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහුට මානසික සෞඛ්‍ය ගැටලු පවතින බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »