NEWS

වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්

වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කිරීමේ අරමුණින් සහනදායි පොලි අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය කන්න වලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, 2024/25 මහ කන්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව, උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් (වී මෝල් පවත්වා ගෙන යනු ලබන සමූපකාර සමිති ද ඇතුළුව) වෙත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »