NEWS

සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන

තමා වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි.

අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇති බවය.

අදාළ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද ජගත් විතාන මන්ත්‍රීවරයා පියවර ගත් අතර මේ පිළිබඳ කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එහිදී කියා සිටියේය.

අනතුරුව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙය බරපතළ තත්ත්වයක් බැවින් මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »