NEWS

හැටන් බස් අනතුරේ සී. සී. ටීවී දර්ශන මකා ඇතැයි සැක

හැටන් – මල්ලියප්පු ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට අදාළව එම බස් රථයේ ආරක්ෂක කැමරා දර්ශන මකා දමා ඇති බවට සැක මතුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ, අදාළ දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මේ වන විට අදාළ දත්ත ගබඩා පද්ධතිය පොලිස් තොරතුරු කොට්ඨාසයට යොමු කර ඇති බවද ඔහු කියා සිටියා.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊයේ හැටන් මල්ලියප්පු ප්‍රදේශයේදී අනතුරට ලක්වුණු අතර, අනතුරින් මගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 53 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »