NEWS

හික්කඩුවේ දී මුහුදේ ගසාගෙන ගිය විදෙස් යුවලක් බේරා ගනී

හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේ දී දිය වැලකට හසුව මුහුසේ ගසාගෙන ගිය විදෙස් ජාතික යුවලක් බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි හික්කඩුව පොලිසියේ, නිලධාරීන් පිරිසක් විසින්.

රුසියානු ජාතික අවුරුදු 47 සහ 46 වයසැති අඹු සැමි යුවලක් මෙලෙස බේරාගෙන ඇති බව සඳහන්.

මේ අතර ඊයේ පස්වරුවේ පානම – මෝය ආශ්‍රිතව මුහුදු තීරයේ දිය නාමින් සිටි 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අතුරුදන් ව තිබෙනවා.

ඔවුන් පානම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »