ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ, රික්ටර් මාපකයේ 6.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පවසන්නේ, මෙය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි.
මේ අතර, දකුණු පිලිපීනයේ ද රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයන් සිදුව ඇති බවයි.
භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
කෙසේ වෙතත් මෙම භූකම්පන තත්වයන් හේතුවෙන් එම රටවල් දෙකේ සිදුවූ දේපල හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

