කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 

අද (29) උදෑසන 11ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (30) උදෑසන 11.00 දක්වා ඉදිරි පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ. 

ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වේ.

මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »