ශ්‍රී ලංකා රජය සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමු වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායි වැඩසටහන් සදහා ද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වන බව ද එම නියෝජිතයින් අවධාරණය කර තිබෙනවා.

