ගොවි විරෝධයක් හේතුවෙන් A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මෙම විරෝධය සංවිධානය කර ඇති අතර මේ සඳහා මහ කනදරාව මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන එක්ව තිබේ.
වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් වී තොග සම්බන්ධව පවතින ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වේ.
මෙහිදී ගොවීන් විරෝධදතා දක්වමින් ඉල්ලා සිටිනුයේ වී සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබාදිය යුතු බවය.

