මාතර – තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයින් 40ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඉන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත් සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ.
ගාල්ල – අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල මාතර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (26) උදෑසන 7.45ට පමණ මෙලෙස අනතුරට පත් විය.
අනතුර හේතුවෙන් තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගය අවහිර වී තිබූ බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.

