NEWS

කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ බවය. 

අත්අඩංගුවටගත් සැකකරුවන් සමග A9 මාර්ගයේ චෙන්මනි හංදිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ජංගම දුරකථනයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් අවුරුදු 18ත් 33ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, සැකකාරියන් දෙදෙනා අවුරුදු 24 හා 26 යන වයස්වල පසුවන්නන්ය.

ඔවුන් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »