කැනඩාවේ, මොන්ට්‍රියෙල්හි සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
අවන්හල් සහ සුපිරි වෙළඳසැල් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වෙඩි තැබීමෙන් පොලිස් නිළධාරියෙකු සහ සිවිල් වැසියෙකු මියගොස් ඇති අතර වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

