වත්කම් සහ බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අද දිනය තුළ මෙතෙක් වත්කම් සහ බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකළ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව පවතී.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ ප්රතිපාදනවලට අනුව වත්කම් සහ බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලු නිලධාරීන් ඔන්ලයින් ඔස්සේ සිය වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කළ යුතු වේ.
ඒ අනුව අද දිනයෙන් පසු වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කර නොමැති සියලුදෙනා හට දඩ අයකිරීමක් සිදුකරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සඳහන් කළේය.

