පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මධ්‍යයේ රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ අදවන විට මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189ක් බවයි.
එමෙන්ම දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 950ත් 1,000ත් අතර වන බවද වෛද්‍යවරයා පැවසීය.
පසුගිය පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,030ක් වාර්තා වී ඇති අතර ඉදිරි දින තුන තුළද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන බැවින් ඒ් සඳහා ජනතාවගේ සහායෝගය බලාපොරොත්තු වන බවද ඒ් මහතා පැවසීය.

