චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය අද

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ, අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමිනි.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ, වසර 105ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවරදි මාවත ද විවර කර ඇති බවය.

මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කර ඇති වසර 105ක මෙම ගමන්මඟ, ලෝක ඉතිහාසයේ ගමන් මඟට ද ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත්ව ගොඩනැගීමට චීන කොමියුනිස්ට් පක්ෂය දායක වී ඇති බවත් ඔහු පැවසීය.

පක්ෂයේ මූලික න්‍යායයන්ට සහ මූලික ප්‍රතිපත්තියට අනුගතව ඓතිහාසික ජයග්‍රහණ වෙනුවෙන් සමස්ත පක්ෂයම සෑමවිටම ජනතාව මත විශ්වාසය තැබිය යුතු බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »