දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ විසින් ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (02) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති අතර එය හෙට (03) පෙ.ව. 11.00 දක්වා වලංගු වේ.
ඒ අනුව මධ්‍යම, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකියි.
මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

