NEWS

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

මෙම තරඟාවලිය එළැඹෙන 13 වැනිදා දක්වා මොරටුව, ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ අද පැවති පළමු තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත් වී තිබේ.

මෙම ඓතිහාසික ජාත්‍යන්තර තරඟාවලිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවත්වෙන අතර ශ්‍රී ලංකාවේ කාන්තා ජාත්‍යන්තර බිහිරි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන පළමු වතාව මෙය වේ.

2026 කාන්තා T20 ජාත්‍යන්තර ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවය අද මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති එම් නසීර්, බිහිරි විද්‍යාලයේ විදුහල්පති අනූෂා ප්‍රානාන්දු සහභාගිත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »