කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි 

July 11, 2026   09:50 am

අද (11) උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබුණි.

එම ගුවන්යානය මේ වනවිට මීගමු කලපු මුහුදු කලාපයට අයත් ඉහළ අහසේ පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ඇති බව වාර්තා වෙයි.

——————————

Update

July 11, 2026   09:25 am

අද (11) උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබේ.

මේ හේතුවෙන් එම ගුවන්යානය මේ වනවිට හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කරමින් ආරක්ෂිතව ගොඩ බෑමට අවශ්‍ය කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි. 

TK-731 නම් මෙම ගුවන්යානය මගීන් 246ක් සමග අද උදෑසන 7:07ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්වී තිබු අතර එය A330 පුළුල් බඳ සහිත මගී ගුවන්යානයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »