ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයසංකර් අද දිවයිනට පැමිණෙනවා.
ඒ අනුව ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යය විජිත හේරත් හමුවීමට නියමිතයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් ද එම නිල සංචාරයට එක්වන බව සඳහන්.

