NEWS

GMOA වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු බවය.

ලබන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දිනයේ සිට  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »