‘Hong Kong Sixes’ ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීය.
තරගාවලිය අද (7) ආරම්භ වූ අතර, ශ්‍රී ලංකාව මෙහි D කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි.
මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 6 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 79ක් පමණි.
තනුක දාබරේ 26 (10), නිමේෂ් විමුක්ති නොදැවී 20 (4), ධනංජය ලක්ෂාන් 16 (10) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හොංකොං පිතිකරුවෝ තරගයේ 4(3.4) වන පන්දුවාරයේ දී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක් ලබා ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.
අයිසාස් ඛාන් නොදැවී ලකුණු 44ක් රැස්කර හොංකොං ජයග්‍රහණය පහසු කළේය.

