උසස් පෙළ විභාගය කිසිඳු බාධාවකින් තොරව අද උදෑසන 8 යි 30ට ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිසුන්ට විභාගයට පෙනී සිටීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දීම සදහා විභාග දෙපාර්තුමෙන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මේ වන විටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
ඒ අනුව ජල ගැලීම් හමුවේ පීඩාවට පත්ව සිටි මාතර ප්‍රදේශයේ සිසුන් 04 දෙනෙක් සදහා නාවික හමුදා දියත් කර තිබූ බෝට්ටු මගින් ඔවුන්ට අවශ්‍ය ගමන් පහසුකම් ලබා දී තිබෙනවා.
විභාගය මධ්‍යස්ථාන 2,312කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 33, 185 දෙනෙකු පෙනී සිටිනවා.