අඩ සියවසකට වැඩි කාලයකට පසු ඉන්දියන් සාගරේ දුරස්ථ නමුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් දූපත් සමූහයක ස්වෛරීභාවය අත්හරින බව එක්සත් රාජධානිය නිවේදනය කර තිබෙනවා.
වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව එළඹුණු මෙම ගිවිසුම ඓතිහාසික පියවරක් ලෙස සැලකෙනවා.
ඒ අනුව මෙම චාගෝස් දූපත්,එක්සත් රාජධානිය විසින් මොරිෂස් වෙත භාර දී තිබෙනවා.

