NEWS

චාමර සම්පත් අත්අඩංගුවට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ චෝදනා 03ක් යටතේයි.

අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා මන්ත්‍රිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණා.

ඉන් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »