NEWS

නේපාලය යට කළ ගංවතුර

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගංවතුර සහ නායයෑම් වලින් පුද්ගලයින් 150 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දින දෙකක් පුරා මෙලෙස අධික වැසි ඇද හැලෙමින් පවතින අතර, 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 3,600 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

පසුගිය සිකුරාදා දිනයේදී පමණක් කත්මණ්ඩු නිම්නයට මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂා පතනයක් ලැබී ඇති බවද නේපාල කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කත්මණ්ඩු අගනුවරට 1970 වසරෙන් පසු ඇද හැලුණු දරුණුතම වර්ෂාව ද මෙය බව සඳහන්.

එමෙන්ම කත්මණ්ඩු අගනුවර හා සම්බන්ධ වන බොහෝ ප්‍රධාන මාර්ග නායයෑම් හේතුවෙන් විවිධ ස්ථාන වලින් අවහිර වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »