ඔත්තු බැලීමේ නීතිය, දත්ත රහස්‍යතා පනත සහ සයිබර් අපරාධ වැලැක්වීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව පිලිපීන ජාතික විමර්ශන කාර්යාංශය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මැනිලා හි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය අසල නවතා තිබූ ඔහුගේ මෝටර් රථයේ තිබී ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා උපකරණ ද සොයා ගත් බවත් ඒවා රාජසන්තක කළ බවයි.
සැකකරු සතුව මැකාවුහි දී නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයක් තිබූ බවත් එමගින් ඔහු තක් හෝයි ලාඕ නමැත්තෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
සැකකරු සතුව තිබූ උපකරණ අතර ජංගම දුරකථන සන්නිවේදනයට බාධා කිරීමට සහ ස්ථාන දත්ත නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණ තිබූ බව සඳහන්.
කෙසේවෙතත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මැනිලා හි පිහිටි මැතිවරණ ආයතනයේ ප්‍රධාන මූලස්ථානයේ මැතිවරණ දත්ත ඒ අතර නොමැති බවයි.